CID හිටපු අධ්‍යක්ෂක ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂක ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂක ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

17 Mar, 2021 | 3:02 pm

COLOMBO (News 1st) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 31 වෙනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සෙසු සැකකරුවන් වන්නේ, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් ය.

සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු අතර ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම නියෝගය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]