by Staff writer 17-03-2021 | 5:23 PM
COLOMBO (News 1st) - 2016 මාර්තු 29 හා 31 දිනවල බැඳුම්කර වෙන්දේසිවලදී සිදු වූ වංචා පිළිබඳව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.
ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය.
නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය පෙබරවාරි 18 වැනි දා මෙම බැඳුම්කර වෙන්දේසිවලට අදාළ බැඳුම්කර වංචා නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල දෙකක් පත් කර තිබේ.
ඒ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් හා තවත් 7 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහායි.
පළමු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන්නේ දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා එම්. ඉසඩීන් යන මහත්වරුන් ය.
දෙවැනි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අමල් රණරාජා, නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.