සමාජවාදී තරුණ සංගමය විරෝධතාවක

සිංහරාජය වෙනුවෙන් හඬ නැගූ තරුණියගේ අයිතීන් වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය පාරට බසී

by Staff writer 17-03-2021 | 3:51 PM

COLOMBO (News 1st) : 'කැළෑ කපන උන් හුරතල් කරන , සාමාන්‍ය තරුණියන් බය කරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු' යන මැයෙන් මේ වන විට නිහඬ විරෝධතාවක් පැවැත්වේ.

ඒ , කොළඹ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදීයි. එම නිහඬ විරෝධතාව සංවිධානය කර ඇත්තේ, සමාජවාදී තරුණ සංගමය විසිනි. සිංහරාජය හා අවට පරිසරයට සිදුවන විනාශයක් පිළිබඳව දැරියක්  පසුගිය දා සිරස ලක්ෂපති වැඩසටහනේදී අනාවරණයක් සිදු කළා ය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉන් දින කිහිපයකට පසු පොලීසිය මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් ද භාග්‍යා අබේරත්න නම් එම දැරියගේ නිවසට ගොස් තිබිණ. සමාජවාදී තරුණ සංගමය මෙලෙස නිහඬ විරෝධතාවේ නිරත වන්නේ, මෙම ක්‍රියාවන්ට, ඇය පසුපස හඹා යාමට එරෙහිව සහ ඇයගේ අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලා සිටිමිනි. https://www.youtube.com/watch?v=tFKKeo1eZKE