මීට වසර 25කට පෙර ජයගත් 96 ලෝක කුසලානය..

මීට වසර 25කට පෙර ජය ගත් 96 ක්‍රිකට් ලෝක කුසලානය දෙස ආපසු හැරී බලමු (Special Edition)

by Chathuranga Rajapaksha 17-03-2021 | 6:02 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකිය.

ඒ, එදා මෙදා තුර ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ එදින වීම හේතුවෙනි.

එම සදාඅනුස්මරණීය වූ මොහොතට අදට(17) හරියටම වසර 25ක් සපිරේ.

1996-cricket-world-cup-final-match-newsfirst2 එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණයට අදට වසර 25ක් ගත වුවත් එහි වටිනාකමනම් තවමත් අඩු වී නොමැත. 1996 පෙබරවාරි 14 වැනි දා ආරම්භ කළ 6 වන ලෝක ක්‍රිකට් කුසලානය එම වසරේ මාර්තු 17 වැනි දා දක්වා පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියේය. 1996-cricket-world-cup-final-match-newsfirst3 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමයි. 1996 මාර්තු 17 වැනි දින පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙස අවසන් මහා තරගය පැවැත්විය.

අවසන් මහා තරගයේදී ලෝකයේ වැඩි දෙනෙකුගේ මෙන්ම ලෝක විස්තර විචාරකයින්ගේ පවා වැඩි අවධානයක් සහ වැඩි ගෞරව බුහුමන් හිමිව තිබුණේ ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමට වීම විශේෂත්වයකි.

ඔවුන් සියලු දෙනාගේම මතය වූයේ ඔස්ට්‍රේලියාවට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කර ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට හැකි ය යන්න ය.

එම සියලු වාද විවාද මධ්‍යයේ ආරම්භ වූ 96 ලෝක ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සමත් විය.

ඒ, අනුව ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. තරගයේ විනිසුරුවන් ලෙස බටහිර ඉන්දීය කොදෙව්හී ස්ටීව් බක්නර් සහ එංගලන්තයේ ඩේවිව් ශෙපර්ට් කටයුතු කළේය. බටහිර ඉන්දීය කොදෙව්හී ක්ල්යිඩ් ලොයිඩ් අවසන් තරගයේ තීරකයා විය. මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය. 1996-cricket-world-cup-final-match-newsfirst5 ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 36කට සීමා කරමින් මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් සමත් විය. අනතුරුව මාර්ක් ටේලර් සමග එක් වූ රිකී පොන්ටිං දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක අගනා වටිනා සබඳතාවයක් ගොඩනැංවිය. නමුත් අරවින්ද ද සිල්වාගේ ප්‍රබල පන්දු යැවීම සහ සනත් ජයසූරියගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ මාර්ක් ටේලර් ලකුණු 72කට දැවී ගියේය. අනතුරුව රිකී පොන්ටිං ද ලකුණු 45කට දැවී ගියේය. රොමේෂ් කළුවිතාරණගේ විශිෂ්ට ස්ටම්ප් කිරීම හමුවේ ශේන් වෝන් ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ස්ටුවට් ලෝ ලකුණු 22කට සහ ඉයන් හීලි ලකුණු 2කට දැවී ගියේය. 1996-cricket-world-cup-final-match-newsfirst6 මයිකල් බෙවන් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව, ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු ගණන 241කි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක අරවින්ද ද සිල්වා පන්දුවාර 9කදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේය. චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන සහ සනත් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 1996-cricket-world-cup-final-match-newsfirst7 අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා එවකට ප්‍රබල ආරම්භක පිතිකරුවන් යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පිටියට පිවිසියේය. නමුත් ඔවුන් දෙදෙනාට එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවිය හැකි වූයේ ලකුණු 12ක සබඳතාවයක් පමණි. එදින ප්‍රබල ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 9කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. කළුවිතාරණට එදින ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 6ක් ලෙස සටහන් වනවිට දෙවන කඩුල්ල ලෙස රොමේෂ් කළුවිතාරණ ද දැවී ගියේය.

අනතුරුව අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළ නංවමින් 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

අසංක ගුරුසිංහ පන්දු 99කදී ලකුණු 65ක් ලබා ගත්තේය. ඊට 4 පහරේ 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. පසුව උප නායක අරවින්ද සමග එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයක් කරා රැගෙන ගියේය. 17 Mar 1996: Shane Warne of Australia drops a catch off of Arjuna Ranatunga of Sri Lanka during the final of the cricket world cup in Lahore, Pakistan. Mandatory Credit: Shaun Botterill/Allsport UK

ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනංවමින් 1996 ලෝක ක්‍රිකට් මිණි කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද පන්දු 124කදී නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 13ක් ඇතුලත් විය. අර්ජුන පන්දු 37කදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. 1996-cricket-world-cup-final-match-newsfirst10 පෝල් රයිෆල් සහ ඩෙමියන් ෆෙලේමින් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

අවසානයේදී පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී අවසන් මහා තරගය ජයගත් අර්ජුන ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය.

1996-cricket-world-cup-final-match-newsfirst9 අවසන් තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වා ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය සනත් ජයසූරිය විසින් දිනාගනු ලැබිණි. 96 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි යොමු විය. 1996-cricket-world-cup-final-match-newsfirs11

පසුකාලීනව පැවති 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව අවසන් තරගය දක්වා ගමන් කළත් එහිදී ශූරතාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

1996-cricket-world-cup-final-match-newsfirst12 1996 ලෝක කුසලානයට සහභාගි වූ 14 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා සංචිතයේ මෙසේය. 01 - අර්ජුන රණතුංග (නායක) 02 - අරවින්ද ද සිල්වා (උපනායක) 03 - රොෂාන් මහානාම 04 - උපුල් චන්දන 05 - කුමාර ධර්මසේන 06 - අසංක ගුරුසිංහ 07 - සනත් ජයසූරිය 08 - රොමේෂ් කළුවිතාරණ 09 - මාවන් අතපත්තු  10 - මුත්තයියා මුරලිදරන් 11 - රවින්ද්‍ර පුෂ්පකුමාර 12 - හෂාන් තිලකරත්න 13 - චමින්ද වාස් 14 - ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ J164571902 1996 ලෝක කුසලාන අවසන් මහා තරගේ ලකුණු පුවරුව 96-world-cup-score-card මේ අතර ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඊයේ(16) විශේෂ සටන වැඩසටහනක් පැවැත්විය. ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීරණයේදීය. එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව බලන්න. https://youtu.be/gJ7kUDgwcmw