by Staff writer 17-03-2021 | 3:31 PM
COLOMBO (News 1st) - දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් අද දහවල් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි.
ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිට වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.
වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පැවති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.