දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරු වර්ජනයක

දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරු හදිසි වර්ජනයක් අරඹයි

by Sagarika Chathumali 17-03-2021 | 2:24 PM

COLOMBO (News 1st) : දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ , ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි. වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සවස් කාලයේ ධාවන කාල සටහන් අනුව මෙතෙක් දුම්රිය ධාවනය නොවූ බවයි. https://www.youtube.com/watch?v=fJ1VWUfIVN0