සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්. ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්. ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්. ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

කර්තෘ Staff writer

17 Mar, 2021 | 8:02 am

COLOMBO (News 1st) – සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ,වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එවැනි ඉඩම් හෙක්ටෙයාර් 400ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කියා සිටියේය.

නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් පවරා ගැනීමත් සමග සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]