by Staff writer 17-03-2021 | 7:19 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.
එම නඩුව අද කැඳවනු ලැබුවේ, දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේදීය.
නඩුව අද දින කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර මහත්මිය දැඩි විරෝධය පළ කළා ය.
විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියේ ය.
මේ අතර 2016 මාර්තු 29 හා 31 දිනවල බැඳුම්කර වෙන්දේසිවලදී සිදු වූ වංචා පිළිබඳව ද නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ අද උදෑසනයි.