Update: තලෙයිමන්නාරම ජැටිය අසළදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් 9 හැවිරිදි දරුවකු මියගොස් තිබේ.
පොලීසීය සඳහන කළේ, අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
==============================================================
COLOMBO (News 1st) - තලෙයිමන්නාරම ජැටිය අසළදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් තලෙයිමන්නාරම රෝහලට ඇතුළත් කළ බවය.
බස් රථය තුළ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත්, රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය පැවසුවේ ය.