by Staff writer 16-03-2021 | 1:47 PM
COLOMBO (News 1st) : රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරු ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ භූමියේ තවමත් රැඳී සිටිති.
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය මෙම උද්ඝෝෂණය ආරම්භ කළේ, ඊයේ පස්වරුවේයි.
එම සංගමයේ සභාපති පී.සී.ආර් පෙරේරා පවසන්නේ දිවයින පුරා ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකවරුන් 1169 කු මෙලෙස කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටින බවයි.
ඊයේ දිනයේ දි පවත්වන ලද සාකච්ඡා අසාර්ථක වීම නිසා අද දෙවැනි දිනටත් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බව ඔහු සඳහන් කළේ ය.