ණය නොගෙවූ ව්‍යවසායකයින්ට සහන කාලයක්..

බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපොළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමේ සැලැස්මක්

by Staff writer 16-03-2021 | 7:52 AM

COLOMBO (News 1st) - බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපොළ පවරා ගැනීම වෙනුවට, සහන කාලයක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැංකු ප්‍රධානීන් අතර ඊයේ පැවති හමුවකදීය. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවය අතරමැදිව දෙපාර්ශවයටම සාධාරණයක් වන ආකාරයේ ගැටලු විසඳා දෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.