බස්නාහිර සියලු දහම් පාසල් අප්‍රේල් 25 ඇරඹේ

බස්නාහිර සියලු දහම් පාසල් අප්‍රේල් 25 ඇරඹේ: ශ්‍රේණි විභාගය මැයි 09 පැවැත්වීමට තීරණයක්

by Staff writer 16-03-2021 | 4:50 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සියලු දහම් පාසල් අප්‍රේල් 25 වැනි දා ආරම්භ කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ ඇති බෞද්ධ දහම් පැසැල් සංඛ්‍යාව 2026 කි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දහම් පාසැල් විවෘත කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර දහම් පාසැල් ශ්‍රේණි විභාගය මැයි මස 09 වැනි දා පැවැත්වීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසීය. මීට පෙර එම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 04 වැනි දායි. නමුත් එදින විභාගය නොපවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.