අදානි හිමිකරු ලක් රජයට තුති පුදයි

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් දුන්නාට අදානි හිමිකරු ලක් රජයට තුතිපුදයි

by Staff writer 16-03-2021 | 11:00 AM

COLOMBO (News 1st) : කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා පවසන්නේ, ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බවයි. මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික අන්‍යෝන්‍ය සබඳතාවයේ සංඛේතයක් බවට ගෞතම් අධානී මහතා සඳහන් කර තිබේ. මේ අතර දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක ආයෝජනය සඳහා අදානී සමාගමට ඇරයුම් කර ඇති බවයි. ඉතිරි 49%ක කොටස් වල ආයෝජනය සඳහා වරාය අධිකාරිය හා දේශිය ආයෝජකයින්ට අවස්ථාව ඇති බව ඔහු සඳහන් කළේ ය. කෙසේවෙතත් අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත වසර 35ක කාලයක් කොළඹ වරායේ බටහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.   https://www.youtube.com/watch?v=_ycsBlkaF8M