by Sagarika Chathumali 16-03-2021 | 2:06 PM
COLOMBO (News 1st) : මහා මාර්ගයේ අනෙකුත් රථ වාහනවලට සහ පදිකයන්ට හිරිහැරයක් වන පරිදි බීමත්ව පා පැදියක් පැදවූ වරදකරුවෙකුට මිනුවන්ගොඩ අධිකරණය අද රු. 100ක දඩයක් නියම කර තිබේ.
අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවය කරන රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙලෙස දඩ නියම වී ඇති බවයි.
කටුනායක පොලීසිය කෝවින්න ප්‍රදේශයේ වාහන පරීක්ෂා කරමින් සිටියදී අපරික්ෂාකාරි ලෙස පා පැදියක් පදවා ගෙන යමින් සිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක පොලීසියේ නිලධාරියෙකු අධිකරණය හමුවේ පවසා ඇත්තේ, පසුව සිදු කරන ලද ශ්වසන නළ පරික්ෂණයේදි පා පැදිකරු බීමත්ව සිටි ඇති බව අනාවරණය වූ බවයි.