කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැහැ - සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 16-03-2021 | 8:06 AM

COLOMBO (News 1st) - කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් එම අධ්‍යනය සිදුකරන බවයි. මෙරට එන්නත්කරණයට භාවිත කරන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඇය ප්‍රකාශ කළාය.