ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයක්

ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයක්

by Staff writer 16-03-2021 | 1:34 PM

COLOMBO (News 1st) : ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ති‌බේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ඒ අනුව , කෘෂි වගාවන් සඳහා පැවති 14% ක බද්ද, තොරතුරු තාක්ෂණය සම්බන්ධ 14% බද්ද, , මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 14% ක බද්ද සම්පූර්ණයෙන් අහෝසි වනු ඇති. මැණික් හා ස්වර්ණාභරණ දේශීයව අලෙවි කිරීම 28%ක බද්ද 14%කට අඩු කිරීමටත් , ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 28%ක බද්ද 14%කට අඩු කිරීමටත් , කෘෂි සැපයුම් 28%ක බද්ද 14% ක් දක්වා අඩු කිරීමටත් , නිෂ්පාදන සඳහා වන බද්ද 28% සිට 18% දක්වා අඩු කිරීමටත් තීරණය වී තිබේ. මීට අමකරව වෙළඳ, බැංකු, මූල්‍ය රක්ෂණ බදු 28% සිට 24% දක්වා අඩු කෙරෙන අතර මත්පැන් ,දුම්වැටි ,ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන 40% බද්දේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති. මීට අමතරව පෞද්ගලික ආදයම් බදු අනුපාතයන් ද වෙනස් වී ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.