රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

16 Mar, 2021 | 9:38 am

COLOMBO (News 1st) – රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරේපත්තුව, ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

39 සහ 58 හැවිරිදි සැකකරුවන් ඔලුවිල් සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]