බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ: එය හුදෙක් යෝජනාවක් පමණයි

බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ: එය හුදෙක් යෝජනාවක් පමණයි

බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ: එය හුදෙක් යෝජනාවක් පමණයි

කර්තෘ Staff writer

16 Mar, 2021 | 3:54 pm

COLOMBO (News 1st) – බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙය හුදෙක් යෝජනාවක් පමණක් බවයි.

මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා වෙමන් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභවේ විමර්ශනයන්ට අනුව ජාතික ආරක්ෂක හේතූ මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව ලබා ගැනීම මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීමට ප්‍රමාණවත් කාලයක් ගත වනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]