MTVට එරෙහිව ලිඛිත දේශන ගොනු කිරීමට අසමත් වෙයි

MTV සමාගමට එරෙහිව ලිඛිත දේශන ගොනු කිරීමට ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගම අසමත් වෙයි..

by Staff writer 15-03-2021 | 9:41 PM

COLOMBO (News 1st) : MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කළ නඩුවට අදාළව ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම අද(15) ලිඛිත දේශන ගොනු කිරීමට අසමත් විය.

ඒ හේතුවෙන් දිසා විනිසුරුවරයා දැනුම් දුන්නේ බදාදා ලිඛිත දේශන ගොනු කරන ලෙසටයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් MTV චැනල් පුද්ගලික සමාගම විකාශය කළ වාර්තාවට එරෙහිව ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ගොනු කළ නඩුවට අදාළව අද ලිඛිත දේශන ගොනු කරන ලෙස පසුගිය පෙබරවාරි 08 වැනිදා දිසා අධිකරණය දෙපාර්ශවයට දැනුම් දුන්නේ ය. ඒ අනුව MTV චැනල් පුද්ගලික සමාගම අද ලිඛිත දේශන ගොනු කිරීමට සූදානම්ව පැමිණියේ ය. එහෙත් ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ ලිඛිත දේශන ගොනු කිරීමට නොහැකි බවයි. මේ අනුව බදාදා ලිඛිත දේශන ගොනු කිරීමට අධිකරණය ඔවුන්ට අවස්ථාව ලබාදුන් අතර එදිනම තම ලිඛිත දේශන ද ගොනු කරන බව MTV චැනල් පුද්ගලික සමාගම අධිකරණයට දැනුම් දුන්නේ ය.