කොදෙව්වන්ට තරග 3-0ට ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ට පූර්ණ එක්දින තරගාවලියක ජයක්..

by Staff writer 15-03-2021 | 6:51 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි 03 වැනි එක්දින තරගයත් කඩුලු 05කින් ජය ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පූර්ණ එක්දින තරගාවලියක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

පැවති තරග තුනේම ජය කොදෙව් කණ්ඩායමට හිමිවීම විශේෂත්වයකි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 276ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.