ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නතට වේලාවක් ගැනීමට අවස්ථාව

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත සඳහා වේලාවක් වෙන් කර ගැනීමට අවස්ථාව..

by Staff writer 15-03-2021 | 12:44 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ පදිංචි අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රියව නොමිලේ වෙන් කරවා ගැනීමට පහසුකම් සලසා තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් රෝෂනී දිසානායක මහත්මිය පැවසුවේ ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ ww.colombo.mc.gov.lk වෙබ් අඩවියෙන් වේලාවක් ස්වයංක්‍රියව වෙන් කරවා ගත යුතු වන බවයි. ඒ සඳහා කිසිදු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව ද නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය. මේ වනවිට මෙරට පුද්ගලයින් හත් ලක්ෂ හැත්තෑ දෙදහස් නවසිය හතලිස් හත් දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇතැයි ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පැවසුවේ ඉන් එක් ලක්ෂ හැට අටදහසකට වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.