කොරෝනා ආසාදිතයින් වාර්තා වූ  ප්‍රදේශ...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 307 ක්...

by Sagarika Chathumali 15-03-2021 | 12:53 PM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 307 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,907ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් ආසාදිතයින් 25 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තාවී ඇති බවත් ඉතිරි ආසාදිතයින් පිරිස දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යවා 50 කි. ඊට අමතරව, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක්,  ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක්  , ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34  ක්  සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 ක්  ලෙස වාර්තා වී ඇත. අසාදිතයින් 84,647 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2,732 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඒ අනුව කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 527 ක් දක්වා ඉහළ ගියේ ය. අද දිනයේදී ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106 ක් තුළ පුද්ගලයින් 10,370 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (14) දිනය තුළ PCR පරීක්‍ෂණ 6,918 ක් සිදුකර ඇත.