ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50කට හානි..

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50කට හානි..

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50කට හානි..

කර්තෘ Staff writer

15 Mar, 2021 | 6:48 am

COLOMBO (News 1st) – ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නකින් නිවාස 50කට පමණ හානි වී ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අද(15) අලුයම 2.40 ට පමණ ගින්න හටගෙන ඇති බවයි.

නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ වන විට ගින්න පාලනය කර තිබේ.

මේ අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]