by Staff writer 14-03-2021 | 10:16 PM
COLOMBO (News 1st) - කිසියම් පිරිසක් රූමස්සල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පහර දී ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට හානි කර ඇති බවට -සුරකිමු රූමස්සල ව්‍යාපාරය- චෝදනා කරයි.
ඊට හේතුව ලෙස පැවසෙන්නේ, රූමස්සල සංවේදී කලාපයට හානි කරමින් මාර්ගයක් ඉදිකිරීම ගැන ඔහුගේ සහෝදරයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වූ ප්‍රතිචාරයකි.
පහර කෑ පුද්ගලයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අප කළ විමසීමකදී ගාල්ල වරාය පොලීසිය ප්‍රකාළ කළේ, පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
ඒ පිළිබඳව විමර්ශන කරමින් පවතින බව ද පොලීසිය සඳහන් කළේය.