COLOMBO (News 1st) – පානදුර ප්‍රදේශයට ඊයේ (13) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇල මාර්ග කිහිපයක් පිටාර ගලා නිවාස සහ වගාබිම් කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
පානදුර, වෑකඩ බටහිර, එළුවිල, කළුදෑවල සහ රෝහිණී වත්ත ප්‍රදේශයේ නිවාස සහ වගාබිම් මෙසේ ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ, කාණු පද්ධතිය නිසි පරිදි පිරිසිදු නොකිරීම හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම නිවාස සහ වගා බිම් ජලයෙන් යට වී ඇති බවය.
