by Chathuranga Rajapaksha 14-03-2021 | 10:48 PM
COLOMBO (News 1st) - එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා ගත්තේය.
ඔහුගේ පන්දුවාර හතර තුළ එක් නිලකුණු පන්දුවාරයකුත් සටහන් වීම විශේෂත්වයකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 3ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කිරීම සමස්ත විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් පන්දු 26 කදී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් විය.