තරුණ ව්‍යවසායකයින් 20,000 කට ඉඩම්..

තරුණ ව්‍යවසායකයින් 20,000 කට ඉඩම්..

by Staff writer 14-03-2021 | 1:02 PM

COLOMBO (News 1st) – දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා පැවසුවේ, තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස මෙය සිදු කරන බවයි. එම ඉඩම් ඒකක ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් හාරලක්ෂ 35,000 ක් ඉල්ලුම් කර ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. එම පිරිස අතුරින් තෝරා ගත් ව්‍යවසායකින්ගේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වන අතර එම පරීක්ෂණ ලබන 31 වැනිදායින් අවසන් වේ. කෘෂිකාර්මික, සත්ත්ව පාලන, සුළු පරිමාණ ව්‍යාපාර හා දේශීය නිෂ්පාදන ඇතුළු අංශවල නියැලී සිටිනන්ට මෙම ඉඩම් ලබා දීම රජයේ අරමුණයි. ඒ අනුව ලබන ජුනි මස සිට ඉඩම් ඒකක ලබා දීම ආරම්භ කරන බව ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා සඳහන් කළේ ය.