ෆ්ලොයිඩ් ඝාතනය:ඩොලර් මිලියන 27 ක වන්දියක්

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයින්ට ඩොලර් මිලියන 27 ක වන්දියක්..

by Chathurika Jayasundara 14-03-2021 | 9:48 AM

COLOMBO (News 1st) – අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ (George Floyd) ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව සමතයකට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයින්ට ඩොලර් මිලියන 27 ක වන්දියක් ලබා දීමෙන් අනතුරුවයි. පසුගිය වසරේ මැයි 25 වන දින වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මින්නියා පොලිස් (Minneapolis police) නිලධාරි Derek Chauvin මේ වනවිට මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ද චෝදනා එල්ල ඇති බවයි. ඒ , ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥයා වූ බෙන්ජර්මින් ක්රම්ප් මෙසේ කියා සිටියේ , කළු ජාතිකයෙකුගේ වුවද ජීවිතයේ වැදගත් බව පිළිබඳව මෙයින් ප්‍රබල පණිවිඩයක් ලොවට ලබා දෙන බවත්, වර්ණවාදයට එරෙහිව ඇති පොලිස් කෲරත්වය අවසන් විය යුතු බවත් ය. නිරායුධ කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වීමත් සමග වර්ගවාදයට එරෙහිව පසුගිය වසරේ ලොව පුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විය.