ස්පුට්නික් එන්නතත් ඇනවුම් කිරීමට සැලසුම්

රුසියානු ස්පුට්නික් එන්නතත් ඇනවුම් කිරීමට සැලසුම්

by Staff writer 13-03-2021 | 8:09 AM

COLOMBO (News 1st) - කොරෝනා මර්දන කටයුතු සඳහා මේ වනවිට රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලද එන්නත වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට ලබා දීමට ද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 15 වැනිදායින් පසු ජනතාවට ලබා දීමට නියමිත බවය. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, මෙරට ජනතාව වෙත ලබාදෙන කොරෝනා එන්නතේ කාර්යාක්ෂමතාව පිළිබඳව මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි. ලබන සඳුදා බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක් සහ සෙසු පළාත්වල පාසල් ආරම්භ කිරීමට නියමිතය.