මහින්ද රාජපක්ෂ අපේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වුණා

මහින්ද රාජපක්ෂ අපේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වුණා - ජනපති

by Hashini De Mel 13-03-2021 | 1:33 PM

?අපේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වුණේ මහින්ද රාජපක්ෂ ?මහින්ද, බැසිල් මට කිසිම බලපෑමක් කරලා නැහැ.. ?අර්බුද හදන්න පුළුවන් පවුලක් නෙමෙයි අපි

COLOMBO (News 1st) - අපගේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූයේ මහින්ද රාජපක්ෂ මහතා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයක් නිර්මාණය කර රජයක් බිහි කරන්නට දායකත්වය දුන් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කරුණක් බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. මෙවැනි නායකයින් දෙදෙනෙක් සමග රජය ඉදිරියට ගෙන යාම තමාට සහනයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ය. තීන්දු, තීරණ ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා තමාට කිසිදු බලපෑමක් කර නොමැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ, විවිධ අය අර්බුද නිර්මාණය කිරීමට හැදුවත් තම පවුල අර්බුද හැදිය හැකි පවුලක් නොවන බවය. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. https://www.youtube.com/watch?v=gC9pus0xhZI