by Staff writer 13-03-2021 | 6:25 PM
COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, කොරෝනා වසංගතයට මුහුණදීම සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි.
දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ එහිදී සාකච්ඡා කර තිබේ.
අසල්වැසියාට මුල්තැන ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ වැදගත්කම මෝදි මහතා එහිදී නැවත අවධාරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.