රටට ඇතුළුවන්නන්ට නව මාර්ගෝපදේශ මාලාවක් ..

එන්නත නිසි පරිදි ලබා ගෙන ජෛව ආරක්ෂණ බුබුල යටතේ මෙරටට පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නැහැ; නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

by Staff writer 13-03-2021 | 7:10 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ වෙසෙන්නන් පිට රට සංචාර නිමකර නැවත පැමිණීමේදී හා විදේශිකයින් රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

ඒ අනුව, සති 02 කට පෙර සියලු තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතු බව එහි සඳහන් ය. ශ්‍රී ලංකාවට පැමිණි පසු COVID-19 PCR පරීක්ෂාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික අංශයේ රසායනාගාරයකින් හෝ රජයේ රසායනාගාරයකින් කළ යුතුය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ජෛව ආරක්ෂණ බුබුල (Bio safety bubble) යටතේ ගමන් කරන පුද්ගලයින් COVID-19 එන්නතෙහි නිර්දේශිත මාත්‍රාවන් නිසි පරිදි ලබාගෙන ඇත්නම් ඔවුන් නිරෝධායනයෙන් නිදහස් කරන බවය.

සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව කියවන්න..