පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න.. – ජනපතිගෙන්  උපදෙස්

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න.. – ජනපතිගෙන් උපදෙස්

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න.. – ජනපතිගෙන් උපදෙස්

කර්තෘ Staff writer

13 Mar, 2021 | 7:37 am

COLOMBO (News 1st) – පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරනු ලැබූ අතර මහජන නියෝජිතයන් නොමැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

ජනාධිපතිතුමා ඒ බව පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15 ක කාලය තුළ තීරණ ගත් බව ද ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]