by Staff writer 12-03-2021 | 6:42 PM
COLOMBO (News 1st) - හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතුව ඇති ගැටලුව පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ගැටලුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය අවධාරණය කළ බවය.
පෙරහැර මංගල්‍ය සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මහා සංඝරත්නය මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති.
80 දශකය වනවිට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 ක් වූ අතර මේ වනවිට සිටින හිලෑ අලි ඇතුන් සංඛ්‍යාව 107 කි.
ඉන් අලි ඇතුන් 80ක් පමණ මේ වනවිට වයස අවුරුදු 50 ඉක්මවා සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.