by Staff writer 12-03-2021 | 8:17 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හා චීනය හුවමාරු මූල්‍ය පහසුකමක් හෙවත් ස්වෙප් පහසුකමක් ලබාගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පුදුමය පළ කර තිබේ.
ඔහු කියා සිටින්නේ, පසුගිය වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය කොවිඩ් සඳහා උපකාර ඉල්ලා තිබූණත් ඒවා ලබාදීම ප්‍රමාද කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළ බවයි.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායක් නොමැතිව, ශ්‍රී ලංකා රජය අදාළ සහන සහ උපකාර මෙරට ජනතාවට ලබාදුන් බවත් සර්ව ආර්ථික මූලධර්ම පවත්වාගෙන යෑම සිදු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.