ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කළ පාපිසි අ‍ලෙවියක්

by Staff writer 12-03-2021 | 10:03 PM

COLOMBO (News 1st) - අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා සපයන ඇමර්සන් (Amazon.com) වෙබ් අඩවියේ, ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කළ පාපිසි අ‍ලෙවි කිරීමට තිබූ දැන්වීමක් සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දක්වා තිබේ.

ඇමර්සන් වෙබ් අඩවියේ පළ කර තිබූ මෙම දැන්වීමට අනුව අමෙරිකානු ඩොලර් 12ක මුදලකට මෙම පාපිස්ස අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර තිබුණි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, මේ ගැන චීන තානාපති කාර්යාලයේ අවධානයට යොමු කර ඇති බවයි. අදාළ චීන නිෂ්පාදකයා සම්බන්ධ කරගනිමින් මේ ගැන විමසන ලෙස ද දන්වා ඇති බව එහි සඳහන් විය. නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඇමසන් සමාගම සමග මේ පිළිබඳව පසු විපරමක් කරන ලෙස ද අමෙරිකානු තානාපති කාර්යාලයට උපදෙස් දුන් බවයි.