ද.අප්‍රිකාවේ කොරෝනා ප්‍ර⁣භේදය ආසාදිතයෙක් මෙරටින්

දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් මෙරටින් හඳුනා ගනී

by Staff writer 12-03-2021 | 4:14 PM

COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාවේ පැතිර යමින් තිබෙන කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයකු පළමුවරට මෙරටින් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු කියා සිටියේ, ටැන්සානියාවේ සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු මෙලෙස හඳුනාගත් බවයි. කොළඹ නගර සීමාව, අවිස්සාවේල්ල, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර සහ මහියංගණය ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් 93 දෙනෙකුගේ වෛරස සාම්පල් පසුගිය මාසයේ ජානමය විශ්ලේෂණයකට ලක් කල බව ද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 397 දෙනෙකු අද සුවය ලැබුහ. ඒ සමග මෙරට කොරෝනා වෛරසයෙන් සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 83958 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2511 ක් වේ. මෙරට කොරෝනා ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 86989 කි. කොරෝනා ආසාදනයවීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 520 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.