කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක්..

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්...

by Sagarika Chathumali 12-03-2021 | 1:54 PM

COLOMBO (News 1st) : විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කොළඹ, රිමාන්ඩ් බන්ධනාගාරයේ  කරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන, සිම්පත් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

  ඊයේ (11) සිදු කළ මෙම සෝසි මෙහෙයුමේදී ජංගම දුරකතන 5ක්, සිම් කාඩ් පත් 11ක් සහ ජංගම දුරකතන බැටරි ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඊට අමතරව කතුරු, දුම්කොල කැබලි, කුඩා පන්දම්,යකඩ පතුරු, විවධ ප්‍රමාණවල කුඩු පැකට් 28 ක්, හෙරොයින් යැයි සැක සහිත කුඩු වැනි යමක් බහාලූ බහලුමක් ද සොයා ගෙන තිබේ. බන්ධනාගාර අධිකාරිවරයාගේ ඉල්ලීමකට අනුව  කළ මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අමතරව රිමාන්ඩ් / වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන් සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් ද එක්ව සිට ඇත.