පිළිස්සුණු සිරුරේ DNA සාම්පල ලබා ගනී

කොහුවල පිළිස්සුණු සිරුරේ DNA සාම්පල ලබා ගනී

by Staff writer 12-03-2021 | 3:55 PM

COLOMBO (News 1st) - කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ සිරුර නිශ්චිතවම ඔහුගේම දැයි තහවුරු කර ගැනීමේ DNA පරීක්ෂණයට අවශ්‍ය සාම්පල අද ලබා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම මළ සිරුරෙන් සහ මියගිය පුද්ගලයාගේ මවගෙන් සහ පියාගෙන් සාම්පල ලබාගත් බවයි. පී. සී. ආර් පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල ද ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ය. එහි ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. කළුබෝවිල, ආසිරි මාවතේ පෞද්ගලික පටුමගක මෝටර් රථයක් තුළ පෙරේදා (10) රාත්‍රී 11.00 ට පමණ මෝටර් රථයක් තුළ තිබී මෙම ව්‍යාපාරිකයාගේ සිරුර හමු විය. සිරුර සහ මෝටර් රථය පිළිස්සී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිස්ථානාධිපතිවරයාගෙන් සමන්විත පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.