by Sagarika Chathumali 12-03-2021 | 4:33 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරස ව්‍යාප්තය හමුවේ ඉන්දීය මාහරාෂ්ට ප්‍රාන්තයේ නාග්පූර් දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම යළි වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.
එළැඹෙන 15 වනදා සිට සතියක කාලයක් සඳහා නාග්පූර් දිස්ත්‍රික්කය එලෙස වසා දැමෙනු ඇති.
LOCKDOWN කාලය තුළ රජයේ කාර්යාල සහ කර්මාන්තශාලා සඳහා කැඳවිය හැක්කේ, 25% ක සේවක පිරිසක් පමණක් වන අතර අනෙකුත් සියලුම ආයතන හා අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා තැබීමට ප්‍රාන්ත බලධාරීන් නියෝග කර තිබේ.
කෙසේ වෙතත් රෝහල්, සිල්ලර අලෙවිසල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා විවෘත කර තැබෙන අතර ආපනශාලා වසා තැබුණ ද ජනතාවට ආහාර ඇණවුම් කර ලබා ගැනීමට අවසර හිමි වේ.
මේ අතර පොලිසීයට උපදෙස් දී ඇත්තේ, LOCKDOWN සමයේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.
කෙසේ වෙතත් මාහරාෂ්ට ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති. බවයි.
ගෙවී ගිය මාස කිහිපය තුළ රට පුරා ආසාදිතයින් වාර්තාවීම ක්‍රමයෙන් අඩු වන තත්ත්වයක් පෙන්නුම් කළ ද වෛරස ව්‍යාප්තියේ එක් කේනද්‍රස්ථානයක් ලෙස සැලකෙන මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත 6කින් යළි නව ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර මහාරාෂ්ට ප්‍රාන්තයේ අමරාවතී දිස්ත්‍රික්කය ද පෙබරවාරි මාසයේ සතියක කාලයක් සම්පූර්ණයෙන් වසා දැමිණ.
ඉන්දීය කොරෝනා කාර්ය සාධන බලකාය උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස පිළිනොපැදීම, සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව අවම වීම ,යන කරුණු මෙලෙස යළි ආසාදිතයින් වැඩිවීමට හේතුවෙන්නට ඇති බවයි.
මීට අමතරව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ, කොරෝනා නව වෛරස ප්‍රභේද ව්‍යාප්ත වීම ද මෙලෙස යළි වෛරස ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවන්නට ඇති බවටයි.
ලෝක එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූ මුල් අවස්ථාවේම ඉන්දියාව සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර ඉන්දීය වාර්තා පවසන්නේ, මේ වනවිට මිලියන 20කට වැඩි ඉන්දියානුවන් පිරිසක් අවම වශයෙන් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබා ගෙන ඇති බවයි.
ඉන්දියාවේ මේ දක්වා මිලියන 11 කට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 157,000කට අධික ය.