by Staff writer 12-03-2021 | 3:04 PM
COLOMBO (News 1st) : මඩු පල්ලියට පැමිණෙන බැතිමතුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට මුල් ගල තැබීම ඊයේ(11) සිදු විය .
සංචාරක අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ඉන්දියානු රජයේ මිලියන 300 ක ප්‍රදානයක් සහිත නිවාස 144 කින් යුත් මහල් නිවාස සංකිර්ණයක් ගොඩනැගිල්ලක් මෙහි ඉදිකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මන්නාරම් දිස්ත්‍රික් රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරු එක්විය .