by Staff writer 12-03-2021 | 2:56 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ තවත් වෙළුම් 22 ක් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද භාර දී තිබේ.
අවසන් වාර්තාවේ වෙළුම් 65 පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබිණ.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව වෙළුම් 87 කින් සමන්විතයි.
අද භාර දුන් වෙළුම් 22 හි කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සහ අධිසංවේදී කරුණු ඇතුළත් බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.