by Sagarika Chathumali 12-03-2021 | 9:08 AM
COLOMBO (News 1st) : ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකු වැලිගමදී මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 1,020,000ක මුදලක් ද සමගයි.
46 හැවිරිදි සැකකරු අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වැලිගම, කඹුරුපිටිය, අකුරැස්ස, මාතර සහ හක්මන යන ප්‍රදේශවල ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
සැකකරු අද මාතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.