Update: කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ

Update: කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ

Update: කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ

කර්තෘ Staff writer

11 Mar, 2021 | 10:12 am

COLOMBO (News 1st) – කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානය නීරික්ෂණයට පැමිණෙන බව පොලීසිය පැවසුවේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ මෝටර් රථය මෙන්ම මළ සිරුර ද පිළිස්සී ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු රාත්‍රී ආහාරය ලබා ගැනීමට එක්තරා ස්ථානයකට ගොස් මෝටර් රථයෙන් ගමන් කර ඇති බවට මේ වනවිට තොරතුරු අණාවරණ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]