බයිඩ්න්ගේ කොවිඩ් සහන පැකේජ කෙටුම්පතට අනුමැතිය

බයිඩ්න්ගේ කොවිඩ් සහන පැකේජ කෙටුම්පතට කොංග්‍රසයේ අනුමැතිය

by Staff writer 11-03-2021 | 11:54 AM
News 1st - අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් කළ කොවිඩ් සහන පැකේජයට අදාළ කෙටුම්පතට කොංග්‍රසයේ අනුමැතිය හිමි ව තිබේ. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.9 කි. ජනගහනයෙන් 85% කට වැඩි පිරිසකට කොවිඩ් සහන පැකේජයෙන් ආධාර මුදල් ලබාදීමට අපේක්ෂිතය. මෙම පනත් කෙටුම්පතට පක්ෂව 220 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 211 කි. මෙය ජනපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනයට ලැබුණු ප්‍රධාන ව්‍යවස්ථාදායක ජයග්‍රහණයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම පනත සඳහා ජනපති ජෝ බයිඩ්න් හෙට දිනයේදී අත්සන් තැබීමට නියමිතය. මේ අතර අතිරික්ත කොරෝනා එන්නත් මාත්‍රා තිබේනම් ඒවා ගෝලීයව බෙදා ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. මේ වනවිට අමෙරිකාව අනුමැතිය ලබා දී ඇති කොරෝනා එන්නත් වර්ග සංඛ්‍යාව 3 කි. එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 32 කට අධිකය.