by Chathurika Jayasundara 11-03-2021 | 6:10 PM
COLOMBO (News 1st) – කොහුවලදී මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගේ සිරුර හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශක සටහන් කර ගත් බවයි.
ඒ , මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ , බිරිඳගේ පියා , මිය ගිය ව්‍යාපාරිකයාගේ මව , බිරිඳගේ පියාගේ රියැදුරෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් ය.
මීට අමතරව මෙ රථය ගමන් කළ ප්‍රදේශ ආශ්‍රිතව CCTV දර්ශන ද ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මෙහිදී විමර්ශකයින් බලාපොරොත්තු වන්නේ ,
1 . මෙම සැක කරන පුද්ගලයාම මියගොස් ඇති ද ?
2. මෙය සාහසික ක්‍රියාවක් ද ? වෙනත් ආකාරයකින් සිදු වූ මරණයක් ද යන්න බව යි.
ඊයේ රාත්‍රියේ 11. 30 ට පමණ කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී මෙම පිළිස්සුණු මළ සිරුර සොයා ගෙන තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි කොහුවල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.