මැතිව්ස් කොදෙව් සංචාරයෙන් ඉවත් වෙයි

ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් සංචාරයෙන් ඉවත් වෙයි..

by Chathuranga Rajapaksha 11-03-2021 | 9:49 PM

COLOMBO (News 1st) – ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් එම තීරණය ගෙන තිබෙන බවය. ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් දූපත්හී සිට අද දිවයින බලා යළි පැමිණීමට නියමිතය.