අශෝක් අබේසිංහ CID යට

අශෝක් අබේසිංහ CID යට

by Staff writer 11-03-2021 | 11:51 AM

COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. අද පෙරවරු 9.15 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද පැමිණියහ.