by Staff writer 11-03-2021 | 9:26 PM
COLOMBO (News 1st) – පසුගිය දිනවල ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේ ය.
අද එම විහාරස්ථානයේ කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද පැවති අතර අගමැතිවරයා එහි සිටි ජනතාව හා නිලධාරීන් සමග ද සුහද කතා බහක නිරත විය.
සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුන් ද එහි සිටිනු දක්නට ලැබුණි.
අග්‍රාමාත්‍යවරයා අභයාරාමයේ රැඳී සිටි කාලසීමාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද එහි පැමිණියේ ය.
ඔහු කොවිඩ් එන්නත ලබාගත් අතර අනතුරුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද බැහැ දුටුවේ ය .
එහිදී අදහස් පල කළ රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.
"ඔබ වහන්සේ නිහඬ සේවයක් කරනවා. මම අගය කරන්නේ නිහඬව නෙවේ හඬක් ඇතිව ගෙනාපු කට්ටිය නිවැරදි කරන එක තමයි හරි. මේකේ දක්ෂයෝ එකතු කරලා වැඩක් කරන එක. මම අගමැතිතුමාට කිව්වේ"