භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයට පකිස්ථාන ධජ රැගත් පිරිසක් පැමිණෙයි..

භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයට පකිස්ථාන ධජ රැගත් පිරිසක් පැමිණෙයි..

භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයට පකිස්ථාන ධජ රැගත් පිරිසක් පැමිණෙයි..

කර්තෘ Staff writer

11 Mar, 2021 | 8:50 pm

COLOMBO (News 1st) – යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරශ්‍රය අසළට අද පැමිණ සිටියේ ය.

පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසළට පැමිණි බව බවය.

එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගියේ ය.

මෙහි DP අකුරු සඳහන් මෝටර් රථය හා මෙම සිදුවීම සම්බන්ධයෙන් අප පකිස්ථාන තානාපති කාර්යාලයෙන් විමසීමක් කළේ ය.

ඊට මෙතක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]